Tuesday, May 7, 2024

General line - 0115112241

ඡන්ද ආක‍්‍රමණයක් ගැන ඇමති මංගලගෙන් නිවේදනයක්




මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී සිදු කරන ඡන්ද ආක‍්‍රමණයක් ඔස්සේ අනාගත මැතිවරණ වලදී ජාතික මට්ටමේ බලපෑමක් එල්ල කළ හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කුඩා මැතිවරණයක් ලෙස පෙනුනද එය අනාගත ජාතික මැතිවරණයකදී බලපෑම් කළ හැකි මැතිවරණයක් වීමේ ඉඩකඩක් පවතින බවයි.

අමාත්‍ය මංගල සමරවීර මේ බව කියා සිටියේ "නිදහස උදෙසා පෙළ ගැසෙමුද - භීතිය වෙත පිය නගමුද" යන තේමාව යටතේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. අපේක්ෂා කළ දේශය කරා ළගා වීමට මෙතෙක් අපට නොහැකි වී ඇති බවයි මුදල් අමාත්‍යවරයා සිය විශේෂ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.