Tuesday, May 7, 2024

General line - 0115112241

පළාතකම සෞඛ්‍ය සේවකයෝ වර්ජනයක




ඌව පළාතේ පිහිටි සියළුම රෝහල්වල සේවකයින් අද (26) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරුන් සහ හෙදියන් ද  මෙම වර්ජනයට එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාස හතරක පමණ සිට සිය අතිකාල දීමනා ලබා නොදීමට එරෙහිව ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වනවා. කෙසේ වෙතත් ඌව පළාතේ සියළුම රෝහල් වල අත්‍යාවශ්‍ය සේවා පමණක් කි‍්‍රයාත්මක වන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.