Monday, May 6, 2024

General line - 0115112241

බොරු බලාපොරොත්තු එපා! නාමයෝජනා ප්‍රතික්ෂේප වුණු කිසිවකුට වෙන වෙන ලයිස්තුවලින් මන්ත්‍රී වෙන්න බැහැ




 

නාමයෝජනා ලැයිස්තුවෙන් පිට කිසිම අයෙකුට පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ලෙස පත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව යම් අපේක්ෂකයෙකු ඉල්ලා අස්වූව හොත් ඉන් හිස්වූ පුරප්පාඩුව සඳහා පත් කළ හැක්කේ ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ.

අපේක්ෂක ලැයිස්තුවල නියමිත සභික ධුර ගණනට වඩා වැඩියෙන් තිදෙනෙකු නම්කර ඇත්තේ අයෙකු මියගිය හොත් හෝ ඉල්ලා අස්වුවහොත් පූරණය සඳහායි.

අපේක්ෂක ලැයිස්තු ප්‍රතික්ෂේප වූ අයට වෙනත් පක්ෂයකින් හෝ ස්වාධින කණ්ඩායමකින් සභිකයන් ලෙස පළාත් පාලන ආයතන සඳහා පත්විය නොහැකි බවයි එමගින් පැහැදිලි කර ඇත්තේ. පසුගිය කාලයේ අපේක්ෂක ලැයිස්තු ප්‍රතික්ෂේප වූ ඇතැම් පිරිස් ස්වාධින කණ්ඩායමකින් පළාත් පාලන ආයතන සඳහා පත්වන බවට මැතිවරණ වේදිකාවලදී සඳහන් කර තිබුණා.