Tuesday, May 7, 2024

General line - 0115112241

ඡන්ද පත්‍රිකාවට සමාන පත්‍රිකා බෙදූ අපේක්ෂිකාවක් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ




ඡන්ද පති‍්‍රකාවට සමාන පති‍්‍රකා තොගයක් තැපැල් ඡන්ද දායකයින්ට බෙදාහරිමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවක් කිලිනොච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මෙලෙස බෙදා හරිමින් සිට ඇත්තේ ඡන්ද පති‍්‍රකාවට සමාන ලෙස ඇය විසින් මුද්‍රණය කරන ලද ඡන්ද පති‍්‍රකා තොගයක්. ඇය මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ කරච්චි ප‍්‍රාදේශීය සභාවට තරග කරන අයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.