Monday, May 6, 2024

General line - 0115112241

ජනපති තමාගේ දේශපාලන අනාගතය ගැන මාධ්‍ය ප්‍රධානීන්ට කියූ කතාව

හේමන්ත කහවලගේ




මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තමන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය. එහෙත් තමන් අඛණ්ඩව දේශපාලනයේ නිරත වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී බැඳුම්කර වාර්තාව සහ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳවද ජනාධිපතිවරයා පැහැදිලි කර තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ ගත වූ වසර තුනේදී රජයට ලැබුණු ආදායම් වෙනත් ආයතන හා පෞද්ගලික ගිණුම්වලට බැර වී ඇති බවයි. බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලබන සඳුදා ජනාධිපති කාර්යාලයේ දී පක්ෂ නායක රැස්වීමක් කැඳවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

තමන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට පැමිණෙන ලෙස අද දිනයේ ලිපි මගින් පක්ෂ නායකයින් දන්වන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.