තරුණයෙකුට පහරදී ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට එරෙහි නඩුව ලබන ජූනි මස 7 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ අද (26) නියෝග කළා. එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී හිරුණීකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළුව චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරුවන් 8 දෙනා එම චෝදනාවට වරද පිළිගැනීම හේතුවෙන් ඔවුුන්ට අත්හිටවු සිරදඩුවම් සමග දඩ මුදල්ද නියම කර තිබුණා.
කෙසේ වෙතත් තමා මෙම සිද්ධියට වරද පිළිනොගන්නා බව හිරුණිකා අධිකරණයට දැනුම් දුන් අතර තමා නිවැරදි කරු බව පැවසීමේ පදනම මත ඇයට එරෙහි නඩුව විභායට ගැනීමට මහාධිකරණය තීරණය කළා.
වරද පිළිගත් අනෙකුත් විත්තිකරුවන් අටදනාගෙන් 6 දෙනෙකු අද දින ඔවුන්ගේ දඩ මුදල් සහ එම සිද්ධියට මුහුණ පෑ වින්දිත තැනැත්තාට වන්දි මුදල් අධිකරණයේදී අද ගෙවනු ලැබුවා. අනෙක් විත්තිකරුවන් දෙදෙනා ඔවුන්ගේ වන්දි මුදල් මාර්තු මස 4 වැනි දා ගෙවීමට අධිකරණයේදී එකඟ වුණා.
එ් අනුව වන්දි මුදල් ගෙවූ විත්තිකරුවන් හයදෙනො නඩු කටයුතුවලින් මුදාහැරීමට මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිිංහ නියෝග කළා.