පළාත් පාලන ඡන්ද විමසීමේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්දායකයින්ගේ ඡන්ද පති‍්‍රකා අද (26) සවස හෝ හෙට (27) උදෑසන දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාල වෙත භාර දෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව රාජ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා.
එ් පිළිබඳව පැහැදිලි කළ මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් පෙන්වා දෙන්නේ අද දිනය තුළ ඡන්දය භාවිත කළ නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට පෙබරවාරි 01 සහ 02 දා අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තම ඡන්දය භාවිත කළ හැකි බව පවසනවා.
22 වැනිදා තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන්ට ලබන මස පළමුවැනිදා හෝ දෙවැනිදා සිය තැපැල් ඡන්දය තම රාජකාරි ස්ථානයේදීම භාවිත කිරීමට හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.