වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් සහ තුන්ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට හෙට පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් තරයේදී සුවිශේෂී කඩඉමක් පසු කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. සුරංග ලක්මාල්ට සිය එක්දින කි‍්‍රකට් දිවියේ කඩුලූ සියයේ සීමාව පසුකිරීමට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලූ 2ක් පමණයි. තිසර පෙරේරාට එක්දින කඩුලූ 150 සීමාව පසු කිරීමට තවත් කඩුල්ලක් අවශ්‍යව තිබෙනවා.
තිසර පෙරේරා මේ වන විට එක්දින කඩුලූ 149ක් දවා ගෙන ඇති අතර ඔහු එක්දින ලකුණු 1584ක්ද රැස් කිරීමට සමත්ව සමත්ව සිටිනවා. හෙට තරගයේදී තිසර පෙරේරා එක් කඩුල්ලක් ලබා ගතහොත් ඔහු එක්දින කඩුලූ 150ක් සහ එක්දින ලකුණු 1500ක් රැස් කළ සිවුවන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වනු ඇති. මීට පෙර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් දක්වා ඇත්තේ සනත් ජයසූරිය, චමින්ද වාස් සහ උපුල් චන්දනයි.