Monday, May 6, 2024

General line - 0115112241

අභිමානවත් 70 වන ජාතික නිදහස සමරන්න සූදානම්




70 වැනි ජාතික නිදහස් උළෙල උත්කර්ෂවත් අයුරින් සැමරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ‘‘එකම දැයක්‘‘ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් සමරු උළෙල සංවිධාන කෙරෙන බවයි.

ශ්‍රී ලංකාවට දිනා ගත නොහැකි වූ දේවල් දිනා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පෙබරවාරි 01 වනදා සිට 04 වනදා දක්වා රටේ සියළු රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා නිවෙස්වල ජාතික කොඩිය ඔසවා තබන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මෙහිදී ඉල්ලා සිටියා.

මේ අතර 70 වන ජාතික නිදහස් සමරු උත්සවය වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු සහා හෙට (27) සිට පෙබරවාරි මස 3 වනදා දක්වා ගාලූ මුවදොර ඉදිරිපිට මාර්ගය තාවකාලිකව වසා දැමෙනවා.

පොලිසිය පැවසුවේ උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ මෙම මාර්ගය වසා තැබෙන බවයි.

මේ හේතුවෙන් එම කාල සීමාවන් තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.