සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගය ජය ගැනීම සදහා දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට 241 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. තරගයේ 3 වන දිනය වූ ඊයේ (26) දිනය නිමා වනවිට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබා සිටියා.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 187 කට දැවී ගිය අතර දෙවන ඉනිමේදී ලකුණු 247 ක් වාර්තා කළා. දකුණු අපි‍්‍රකාව පළමු ඉනිමේදී රැුස් කළේ ලකුණු 194 ක් පමණයි. ඒ අනුව තරග ජය ගැනීමට නම් කඩුළු 9 ක් අතැතිව සිටින දකුණු අපි‍්‍රකානු කණ්ඩායම තවත් ලකුණු 224 ක් ලබාගත යුතු වනවා.