ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයට එක්වීමේ අවස්ථාව බංග්ලාදේශ තුන් ඉරියව් ක්රීඩක ශකීබ් අල්හසන්ට අහිමි වී තිබෙනවා.
තුන්කොන් ක්රිකට් තරගාවලියේ ඊයේ (27) පැවති අවසන් මහා තරගයේ දී ඔහු පන්දු රකිමින් සිටිය දී ආබාධායකට ලක්වුණා.
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගය ලබන බදාදා (31) චිතගොන්හිදී ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ශ්රී ලංකාව ඊයේ ලද ජයග්රහණය සටහන් වුයේ 2016 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව වාර්තා කළ පළමු එක්දින ක්රිකට් තරගාවලි ජයග්රහණය ලෙසයි.
ඒ දක්වා ශ්රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලි 07කට ක්රීඩා කර තිබුණ ද ඉන් ජය වාර්තා කිරීමට සමත්ව තිබුණේ නැහැ. සිය මංගල එක්දින තරගයේ දී කඩුලු ත්රිත්වයක් දවාගත් ශෙහාන් මධුසංඛ පිළිබඳව ද දැන් කාගෙත් කතාබහට ලක්ව තිබෙනවා.
මංගල එක්දින තරගයකදී කඩුලූ ත්රිත්වයක් දවාගත් දෙවන ශ්රී ලාංකික පන්දු යවන්නා ලෙසයි ඔහු ඊයේ වාර්තා පොත් අතරට එක්වුණේ. ශ්රී ලංකාව වෙනුවෙන් මීට පෙර මංගල එක්දින තරගයකදී එම දස්කම දැක්වූ පළමු ශ්රී ලංකා පන්දු යවන්නා වුයේ වනිඳු හසරංගයි.