නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රටවල් 16ක් අතරින් 9වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (28) සමත් වුණා.
ඒ, බටහිර ඉන්දිය කොදෙව් යොවුන් පිළ සමග අද පැවති තරගය කඩුලූ 3කින් ජය ගනිමින්.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 05ක් දැවී ලකුණු 254 ක් රැස් කළා. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ කඩුලූ 07ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
මූලික වටයේ දී තීරණාත්මක තරග දෙකෙන් ඉවත් කෙරුණු හසිත බෝයගොඩ මෙම තරගයේ දී ද පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වීම විශේෂත්වයක්.
අද තරගයේ දී ශතකයක් වාර්තා කරමින් හසිත බෝයගොඩ ලකුණු 116ක් රැස් කිරීමට සමත් වුණා. ඔහු කෙන්යාව සමග පැවති තරගයේදී ලකුණු 191ක් රැස් කරමින් යොවුන් ක්‍රීඩකයෙකු එක්දින පිටියේ වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ද සමත් වුණා.