Wednesday, May 8, 2024

General line - 0115112241

'ණය' ගැන අලුත් නීතියක් ගේන්න යයි

සමන් විජය බණ්ඩාර




තමා බලයට පත්වන විට පැවති රටට වඩා වෙනස් රටක් දැන් නිර්මාණය වී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ සැමට සාධාරණව නීතිය ක‍්‍රියාත්මකවීම ද දැන් සිදුවන බවයි. 

ඉදිරියේදී රට දියුණු කිරීමට ඇති සැලසුම් පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණා. 

එහිදී "දැන් අලුත් පනතක් ගේනවා ණය සම්බන්ධයෙන්.. මේ තරුණයින්ට රටේ ණය භාරදෙන්න බෑ.. දේශීය නිෂ්පාදන වැඩි වුණාම අපිට එතනින් අලුත් ණය ගෙවන්න පුළුවන්. ඒ නිසා දැන් ණය පාලනය කරගෙන තමයි යන්නේ ..ණය වගකීමෙන් පාලනය කිරීමේ පනත කියලා අලුත් පනතක් ගේන්න අපි බලාපොරොත්තු වෙනවා...ඒ ගේන අලුත් නීතිය තුළින් රටේ ණය බර අඩු වෙයි. නැත්නම් හැමදාම කෙරුණේ බදු වැඩි කරලා ණය ගෙවන එකනේ.." යනුවෙන් සඳහන් කෙරුණා.
 
අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (28) පස්වරුවේ කෑගල්ලේ පැවති ජන රැළියක් අමතමින්.