පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ අංක එකේ කණ්ඩායම බවට මේ වන විට පකිස්තාන කණ්ඩායම පත්ව සිටිනවා.
ඒ, නවසීලන්ත කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස තරගාවලිය දෙකට - එකක් ලෙස ජය ගනිමින්.
මේ අතර ඊයේ (28) පැවති අයි. පී. එල්. කී‍්‍රඩක වෙන්දේසියේ දී ලොව අංක එකේ කණ්ඩායම වන පකිස්තාන කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු වෙන්දේසි වූයේ නැහැ.
එමෙන්ම පන්දුවාර 20 පිටියේ ලොව අංක එකේ පන්දු යවන්නා වන නවසීලන්තයේ ඉස් සෝදි ද කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම විශේෂත්වයක්.