Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දියාවේ අනවශ්‍ය ලෙස ගැහැණු දරුවන් වැඩි වෙලාලු - හේතුව සොයාගනී

නවෝද්‍යා ගමගේ




ඉන්දියාවේ කාන්තා ජනගහණය අසීමිත ලෙස වැඩි වී ඇති බව එරට මුදල් අමාත්‍යාංශ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දීය දෙමව්පියන්ට පිරිමි දරුවන් බිහි කිරීමේ අවශ්‍යතාව පැවතීමයි.

මේ හේතුවෙන් ගැහැණු ළමයින් ලැබුණ ද පිරිමි ළමයෙකු අපේක්ෂාවෙන් ඉන්දිය දෙමව්පියන් දරුවන් බිහි කිරීමට පෙළඹී තිබෙනවා.

මෙම තත්ත්වය  හමුවේ ඉන්දිය ජනගහණයෙන් මිලියන 21ක ප‍්‍රමාණයක ගැහැණු දරුවන් අනවශ්‍ය ලෙස බිහි වි ඇති බවයි අදාල වාර්තාව මගින් තහවුරු වී ඇත්තේ.

පිරිමි දරුවන් අපේක්ෂාවෙන් සිටින දෙමව්පියන් ගැහැණු දරුවන් ගබ්සා කිරීමට ද පෙළඹ තිිබෙනවා. එම ගබ්සා කිරීමි නිසා ඉන්දිය ජනගහණයෙන් මිලියන 63ක කාන්තා ප‍්‍රජාවක් ද ඉන්දියාවට අහිමි වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඉන්දියානු සමාජය තුළ සාම්ප‍්‍රදායිකව පැවත එන පුත‍්‍ර මනාපය මීට හේතුවයි.