Saturday, January 11, 2025

General line - 0115112241

බෙල්ලන්විල නාහිමිගේ ආදාහන පූජෝ්ත්සවය අද - දහවල් විශේෂ රථ වාහන සැළැස්මක් (UPDATE)




අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (08) පැවත්වෙනවා.

ආදාහන පූජෝත්සව කමිටුව වෙනුවෙන්  ඒ පිළිබඳ කරුණු දක්වන සිසිර විජේසිංහ සඳහන් කළේ "අද පස්වරු 1.00 ට ආදහන පෙරහැර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයෙන් පිටත් වෙනවා. පෙරහැර මහරගම මාර්ගයේ ගමන් කර බොරලැස්ගමුව හන්දියට පැමිණ ඉන් රත්තනපිටිය දෙසට හැරී ඉන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටිය වෙත ගමන් කරනවා." යනුවෙනි.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කෙරෙණ මෙම කටයුතු ඉතාම කෙටි කාලයකට සීමා කෙරෙන බවද සඳහන් කළා. 

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට ගෞරවයක් ලෙස අද සිය නිවසේ, කාර්යාලයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ කහ කොඩියක් ඔසවා තබන ලෙස මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.  

මේ අතර මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ දේහය මේ වනවිටත් තැන්පත් කර තිබෙන්නේ බෙල්ලන්විල රාජමහා විහාරයේයි.

නන් දෙසින් පැමිණි සැදැහැවතුන් ඊයේ (07) රාති‍්‍රයේද දිගු පෝළිම්වල රැඳී සිට උන්වහනසේගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා.

මේ අතර අපවත්වී වදාළ මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් අද (08) විශේෂ ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා.

උන්වහන්සේගේ දේහය මේවනවිට තැන්පත් කර තිබෙන බෙල්ලන්විල විහරස්ථානය සහ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අවට ප‍්‍රදේශවල මෙම විශේෂ ධාවන සැලැස්ම කි‍්‍රයාත්මක කරන බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව දහවල් 12.30 සිට මහරගම දෙහිවල මාර්ගයේ වාහන ධාවනය බෙල්ලන්තර හංදියෙන් සීමා කෙරෙනු ඇති.

දේහය රැගත් පෙරහැර බොරලැස්ගමුව හංදියෙන් 120 බස් මාර්ගයට පිවිස රත්තනපිටිය හන්දිය දෙසට ගමන් කිරිමට නියමිතව තිබෙනවා. එම අවස්ථාවේදී 120 බස් මාර්ගයේ වාහන ධාවනය බොරලැස්ගමුව හංදියෙන් සහ පැපිලියාන හංදියෙන් සීමා කෙරෙනු ඇති.

ආදාහන පෙරහැරට අවස්ථාව ලබා දීම සඳහා අවස්ථානුකූලව, ආශි‍්‍රත අතුරු මාර්ගවලද වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පැවසුවා.

අපහසුතා අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

--------------------------------

බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය 08 වනදා (UPDATE)

(03-02-2018 20:30)

චම්ලි ඒකනායක

 

අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පෙබරවාරි මස 08 වැනි දින සිදුකිරිමට තීරණය කර තිබෙනවා.

ඒ මීට නොබෝ වේලාවකට පෙර රැස්වූ අවමංගල්‍ය කමිටුව විසින්.

--------------------

බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ සාකච්ඡාව ඇරඹේ (03-02-2018 19:10)

අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ සාකච්ඡා කිරීමට අවමංගල්‍ය කමිටුව තව නොබෝ වේලාවකින් රැස් වනවා.

මේ වනවිට උන්වහන්සේගේ දේහය බොරැල්ලේ පිහිටි අවමංගල්‍ය ශාලාවක් වෙත රැගෙන ගොස් තිබෙන බවයි ඒ පිළිබඳ තොරතුරු සොයා බැලු නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරිව වැඩ විසු පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වුණා.

, විහාරස්ථ "මියන් කුමාර" නැමැති ඇතාට ආහාර ලබා දීමට යාමේදී සිදුවූ අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදියි.

ඊයේ (02) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් පසු මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් පළමුව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. පසුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු අතර එහිදි පැය 10ක පමණ දීර්ඝ සැත්කමක් ද සිදු කෙරුණු බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

කෙසේ වෙතත් උන්වහන්සේගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කණගාටුවන බව වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවුසුවා.

-------------------

බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති 

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අපවත් වී අපවත්වීවදාල බව www.nethnews.lk සංවේගයෙන් දැනුම් දෙනවා. උන්වහන්සේ හදිසි අනතුරකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (03) වුණා.

ඊයේ (02) දිනයේ විහාරස්ථානයේ "මියන් කුමාර්" හස්ථීයාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරුව කළුබෝවිල ශික‍්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු නාහිමියන් පසුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.

එහිදී විමලරතන නාහිමියන්ට පැය 10 ක ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

-----------------------

හදිසි අනතුරකට ලක්ව ශල්‍යකර්මයකට භාජනයකොට රෝහල්ගතව සිටි බෙල්ලන්විල විමලරතන නාහිමියන් අපවත්වීවදාල බව www.nethnews.lk සංවේගයෙන් දැනුම් දෙනවා. උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

-------------------------------------------

බෙල්ලන්විල නාහිමිට සෙත් පතා බෝධිපූජා පිංකමක්

03-02-2018 09:10

හදිසි අනතුරකට ලක්ව ශල්‍යකර්මයකට භාජනයකොට රෝහල්ගතව සිටින, බෙල්ලන්විල විමලරතන නාහිමියන්ට ඉක්මන් සුවය සහ තිරජීවනය පතා බෝධී පූජා පිංකමක් පැවැත්වෙනවා. ඒ අද පස්වරු 06.00ට බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේදීය.

මෙම පිංකම සඳහා සහභාගීවන ලෙස සංවිධායකයින් ඉල්ලා සිටිනවා.

-----------------------------------

බෙල්ලන්විල නාහිමියන්ට ඇතෙක් පහර දෙයි

02-02-2018 12:10

ඇතෙකු පහරදීම හේතුවෙන් මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් තුවාල ලබා තිබෙනවා. උන්වහන්සේ ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

බෙල්ලන්විල විහාරස්ථානයේ මිලන් කුමාර් නමැති ඇතා මෙලෙස උන්වහන්සේට පහර දී තිබෙනවා. අද උදෑසන ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.