යතුරු පැදි සොරකම් කිහිපයක් සම්බන්ධ සැකකරුවෙකු ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෑගම ප්රදේශයේදී සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කර කිරීමෙන් අනතුරුව එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔහුගෙන් කරන ලද ප්රශ්න කිරීම් හමුවේ අනාවරණ වී ඇත්තේ එම යතුරුපැදිය දඹුල්ල ප්රදේශයේදී සොරකම් කර ඇති බවයි.
සැකකරු විසින් ගල්නෑව පොලිස් වසමේ යතුරු පැදි තුනක් සොරකම් කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කඩවල, මිදිවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.