Saturday, January 11, 2025

General line - 0115112241

ජය ගත්තත් අසුන අහිමි වෙන කරුණු මෙන්න

ඩිල්ෂාන් මඩවල




මැතිවරණ ප‍්‍රචාරක කටයුතු තහනම් වන මෙම කාලය තුළ කිසියම් අපේක්ෂකයෙකු තවදුරටත් එවැනි ප‍්‍රචාරක කටයුතු සිදු කළහොත් මැතිවරණයෙන් ඔහු ජයග‍්‍රහණය කළද දිනා ගත් අසුන ඔහුට අහිමිවිය හැකි බව මතක් කෙරුණා.

අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශී‍්‍ර රත්නායක පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාලය මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

ප‍්‍රචාරක කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අවසන් වූයේ ඊයේ (07) මධ්‍යම රාති‍්‍රයෙන්.

ඒ අනුව ඡන්ද දායකයන්ට බලපෑමක් ඇති කළ හැකි කිසිවක් තවදුරටත් සිදු නොකරන ලෙස මැතිවරණයට තරග කරන සියලූ දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට නැවත සිහි කැඳවීමක් කෙරුණා. 

මේ අතර පොලීසිය කියා සිටියේ මැතිවරණ නීතිය උල්ලංඝණය කරන  ඕනෑම අයෙකු අත්ඩඅඩංගුවට ගැනීමටද කටයුතු කරන බවයි. 

පළාත් පාලන මැතිවරණයේ විශේෂ රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 65, 758 දෙනෙකු යොදවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මීට අමතරව සිවිල් ආරක්ෂක භටයින් 5,953 දෙනෙකුද මැතිවරණයේ විශේෂ රාජකාරි සඳහා යෙදවීමට නියමිතයි.