අඬිගම තිඹිරිගොල්ල වන්නියාකුලිය වැවෙන් අල්ලන ලද බව කියන ඉබ්බන් 12 දෙනෙකු ආණමඩුව මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයක් අනුව කරුවලගස්වැව වන ජිවි කාර්යාලයේ නිලධාරීන් විසින් විල්පත්තු වනාන්තරයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.
කිරි ඉබ්බන් 04 දෙනෙකු සහ ගල් ඉබ්බන් 08 දෙනෙකු මීට අයත් වනවා. ඉබ්බන් ඇල්ලු බව කියන පුද්ගලයින් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ආණමඩුව මහේස්ත්රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර ඇති අතර ඔවුන්ට එක් අයෙකුට රුපියල් 40,000 බැගින් රුපියල් 80,000 ක් දඩ නියම කෙරුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කරන්නේ.
චීන අවන්හලකට මස් පිණිස ලබා දීම සඳහා තමන් ඉබ්බන් ඇල්ලු බව ඔවුන් ප්රකාශ කර තිබෙනවා.