රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දුක්ගන්නාරාළ කෙනෙකුගේ අඩුවක් ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
‘‘ශ‍්‍රී ලංකාවේ සංවර්ධන අභියෝග’’ යන මැයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (22)පස්වරුවේ පැවති සම්මන්ත‍්‍රණයකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.
රාජ්‍ය නිලධාරීන්ගේ දුක්ගැනවිලි පිළිබඳ කටයුතු කිරීමට ස්වාධීන ආයතනයක් ඉදිරියේදී ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.