මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේදී ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමතිවරු රැසකගේ ආසන පරාජයට පත්ව තිබෙනවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ආසන සංවිධායකධූරය දරණ අත්තනගල්ල ආසනයද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්වුණා.
අමාත්‍ය මහින්ද අමරවීර සංවිධායක ධූරය දරණ තංගල්ල ආසනයද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්ව තිබෙනවා. ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක සංවිධායක ධූරය දරණ කලාවැව ආසනයද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පරාජයට පත්වීම විශේෂත්වයක්.
අමාත්‍ය එස් බී දිසානායක සංවිධායක ධූරය දරණ පහතහේවාහැට ආසනයද එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වුණා. අමාත්‍ය මහින්ද සමරසිංහ සංවිධායක ධූරය දරණ පානදුර ආසනය මෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් යාපා නියෝජනය කරන හක්මන ආසනයද, එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්ව තිබෙනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු රැසක් ද මෙවර පළාත් පාලන ඡන්ද විමසිමේදී සිය ආසන පරාජයට පත්වීම විශේෂත්වයක්. එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සංවිධායක ධූරය දරණ තිස්සමහාරාම ආසනය එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්ව තිබෙනවා.
මංගල සමරවීර අමාත්‍යවරයා සංවිධායක ධූරය දරණ මාතර ආසනය ද, එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වුණා.
අමාත්‍ය රාජිත සේනාරත්න නියෝජනය කරන බේරුවල ආසනය ජය ගැනීමටද එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබී නැහැ. අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා නියෝජනය කරන කැලණිය ආසනයද, එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වුණා.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සංවිධායක ධූරය දරණ කෝට්ටේ ආසනය සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සංවිධායක ධුරය දරණ කඩුවෙල ආසනයද, එක්සත් ජාතික පක්ෂය මෙවර පරාජය වී තිබෙනවා.
අමාත්‍ය පී හැරිසන් සංවිධායකධුරය දරණ අනුරාධපුර බටහිර ආසනයද ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවී නැහැ.