රාජකාරියේ නිරතව සිටියදී කොල්ලකෑම් කිහිපයක් සිදු කළ බව කියන පොලිස් නිලධාරියෙකු මාදම්පේ ප‍්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදී සේවය අතහැර ගියායැයි වාර්තා වී ඇති පොලිස් නිලධාරියෙක්.
මාදම්පේ නාන්කඩවර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු ජා ඇල පොලීසියට අනියුක්තව සේවය කර තිබෙනවා.
ඉකුත් ජූනි මාසයේදී යතුරු පැදිකරුවෙකු නවතා ඔහු සතුව තිබූ රුපියල් 6,000 ක මුදලක් කොල්ල කෑ බවටත් පසුව අවස්ථාවකදී එම පුද්ගලයාගේ බැංකු කාඞ්පතින් රුපියල් 5,000 ක් ලබා ගෙන ඇති බවටත් මෙම සැකකරු චෝදනාවට ලක්ව සිටිනවා.
ඉකුත් නොවැම්බර් මාසයේදී තවත් යතුරු පැදිකරුවෙකුගෙන් රුපියල් 60,000 ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා පවතින බවයි පොලීසිය පවසන්නේ.