ශි‍්‍ර ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආධාරයක් ලබා දීමට අමෙරිකානු නියෝජිත ආයතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ආයතනය එකග වී ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සහ ඉඩම් කළමනාකරණය වෙනුවෙන් ඔවුන් මෙම ආධාරය ලබා දෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.
MCC ආයතනය විසින් තම ආධාර වැඩසටහන සඳහා රටවල් තෝරා ගන්නේ නිර්ණායක ගණනාවක් පාදක කර ගනිමින්.
2004 වසරේදී ද මෙම ආධාර වැඩසටහනට ශී‍්‍ර ලංකාව තෝරා ගෙන තිබුණා. එහෙත් පැවැති තත්ත්වයන් යටතේ අදාළ ආධාර හිමිනොවූ බවත් වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සැලකිල්ලට ගෙන ආධාර ලබා දීමට ඔවුන් නැවත තීරණය කර ඇති බවත් අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන්.
යෝජිත ව්‍යාපෘතිය කොටස් දෙදකින් යුත්ක වනවා. පළමු අදියර නාගරික ප‍්‍රදේශවල වාහන තදබදය අවම කිරීමයි. දෙවන අදියර යටතේ පහසුකම් අඩු ප‍්‍රදේශවල ජාතික මාර්ග නවීකරණය කෙරෙනවා.