ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අර්බුධයකට ලක්ව සිටිනවා.
ගාල්ල මහ නගර සභාවේ සමස්ථ ආසන සංඛ්‍යාව 35කි. ඉන් 14ක් එක්සත් ජාතික පක්ෂය හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 13ක් දිනාගෙන තිබෙනවා. කිසියම් හෝ කණ්ඩායමකට බහුතරය සකස්කර ගැනීමට මන්ත්‍රීවරුන් 18 දෙනකුගේ සහය අවශ්‍ය වනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 4 දෙනකුගේ සහය අවශ්‍ය වනවා. පොදුජන පෙරමුණට මන්ත්‍රීවරුන් 05ගේ සහය අවශ්‍ය වනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ආසන තුන බැගින් දිනාගෙන ඇති අතර එක්සත් ජාතික පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායමක් ආසන එක බැගින් දිනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහය පමණක් ඇතුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට ගාල්ල මහ නගර සභාවේ බලය ලබා ගැනීමේ හැකියාව හිමිවන්නේ නැත. එබැවින් මේ වනවිට ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අර්බුධයකට මුහුණ දී තිබෙනවා.