Sunday, May 5, 2024

General line - 0115112241

නවාස් ශරීෆ් පක්ෂ නායකත්වයට නුසුදුසු බවට නියෝගයක්

නවෝද්‍යා ගමගේ




පාකිස්ථාන හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ශරීෆ් පක්ෂ නායකත්වයට නුසුදුසු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, නවාස් ශරීෆ් මීට පෙර ගනු ලැබූ තීරණ සහ නියෝග සියල්ලද බල රහිත වනු ඇති.

මෙම අධිකරණ තීන්දුව නවාස් ශරීෆ්ගේ දේශපාලන දිවියට දැඩි බලපෑමක් වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ පවුලේ සාමාජිකයින්ට එරෙහි දූෂණ නඩු විභාගයේ තීන්දුව ද ලබන මාර්තු මාසයේදී ලබා දීමට නියමිතයි.