Sunday, May 5, 2024

General line - 0115112241

50 ක් බන්ධනාගාරයට යවයි (UPDATE)

වසන්ත පිවිතුරු




තඹුත්තේගම ගොවි විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 50 දෙනෙකු එළඹෙන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තවත් 09 දෙනෙකුට එහිදී ඇප හිමිවුණා.

---------------------------------------------

නොසන්සුන් වූ තඹුත්තේගම ප‍්‍රදේශය සන්සුන්වෙයි (UPDATE)

(28-02-2018 19:00)

 

මාර්ග අවහිර කරමින් සිදු කෙරුණූ උද්ඝෝෂණයක් හේතුවෙන් තඹුත්තේගම ප‍්‍රදේශයේ අද (28) දහවල් ඇති වූ නොසන්සුන්තාව මේවනවිට පාලනය කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාරද එල්ල කළ බවයි.

ඊට ප‍්‍රතිචාර වශයෙන් උද්ඝෝෂකයන් පොලීසියට ගල් මුල් වලින් පහරදුන් බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මෙම උද්ඝෝෂණය සිදු කෙරුණේ රාජාංගනය ජලාශයෙන් කුඹුරු අස්වද්දන ගොවීන් ඇතුළු පිරිසක විසින්.

රාජාංගනය ජලාශයේ ජලය, ජල බෝතල් ව්‍යාපෘතියක් සඳහා ලබා දිමට ඉදිරිපත් වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ යෙදුණා.

---------------------

තඹුත්තේගම 44ක් අත්අඩංගුවට..පොලීසියේ 4ට තුවාලයි (28-02-2018 14:31)

තඹුත්තේගම ප්‍රදේශයේ ඇති වූ නොසන්සුතාවය හේතුවෙන් පොලීසිය හා විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමෙන් පොලිස් නිලධාරින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරුණු පුද්ගලයන් 44ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට කාන්තාවන් 5ක් අයත්.

තඹුත්තේගම නොසන්සුන්තාවක් - කඳුළු ගෑස් ප්‍රහාරයක් (28-02-2018 14:31)

----------------

අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතා ව්‍යාපාරයක් විසුරුවා හැරීමට තඹුත්තේගම පොලීසිය කටයුතු කර තිබෙනවා.

විරෝධතාව අතර ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් nethnews.lk තඹුත්තේගම පොලීසියෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශිකාවක් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

මෙම අවස්ථාව වන විටත් තඹුත්තේගම පොලීස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස අදාළ ස්ථානයේ බවත් එම ප්‍රකාශිකාව කියා සිටියා.