Sunday, May 5, 2024

General line - 0115112241

අම්පාරේ සිද්ධියට 05ක් භාර වෙයි

සමන් චන්ද්‍රතිලක




පසුගියදා අම්පාර නගරයේ හෝටලයක් තුළ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ඇති වු කලහකාරි සිද්ධියට සම්බන්ධ 05 දෙනකු ඊයේ (28) රාත්‍රියේ අම්පාර පොලිසියට භාරවී තිබෙනවා.

අද (01) දින තවත් 05 දෙනෙකු භාර වීමට නියමිත බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර සියඹලාආණ්ඩුව ප්‍රදේශයේදී වෙළඳසැල් 15ක් මුස්ලිම් ව්‍යාපාරිකයින්ට ලබා දීමට විරෝධය පළ කරමින් කළුකොඩි ඔසවා පිරිසක් විරෝධතාවයේ නිරත වූ බවද අප වාර්තාකරු සඳහන් කළා.

ඉකුත් 26 වැනිදා අම්පාර නගරයේ පිහිටි ආපන ශාලාවකින් ආහාර ගැනීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට ලබාදුන් ආහාරවල කිසියම් පෙති වර්ගයක් තිබීමත් සමග දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්වයක් ඇති වුණා.

අවමංගල්‍ය උත්සවයකට සහභාගි වි ඇති ඔවුන් දෙදෙනා මෙම ආපන ශාලාවට පැමිණ ඇත්තේ රාති‍්‍ර ආහාරය සදහායි. එහිදී බුරියානි සහ ෆයිඞ් රයිස් ඉල්ලා ඇතත් ඒවා නොමැති බව පවසා ආපන ශාලාවෙන් ඔවුන්ට කොත්තු ලබාදී තිබුණා.

එහි කිසියම් පෙති වර්ගයක් තිබූ බව පවසන ඔවුන් අවමංගල්‍ය උත්සවයට එක්ව සිටි සෙසු පිරිස් ද එම ස්ථානයට කැඳවා ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ.

ඉන් අනතුරුව එම ස්ථානයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. එහිදී වෙළඳසැල් හා වාහන කිහිපයකට ද හානි සිදුව ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.