Sunday, May 5, 2024

General line - 0115112241

අම්පාරේ සිද්ධිය ගැන අගමැතිට ලිපියක්

අමදෝරු අමරජීව




අම්පාර නගරයේ ආගමික ස්ථානයකට හා කඩසාප්පු කිහිපයකට පහරදී හානි සිදු කිරිම තුළින් තිස් වසරක් පුරා පැවති යුද්ධයෙන් පිඩාවට පත් වී සිටින ජනතාව වත්මන් යහපාලන රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳී යනු ඇතැයි පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරිමේ රාජ්‍ය ඇමති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා.

අම්පාරේ සිද්ධියෙන් ජිවිත හානි නොවුනත් ජනතාව ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ බියෙන් පසුවන බවත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරවන ලෙස ඉල්ලා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාවරයා ලෙස කටයුතු කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ගොඩනැගිලිවලට මෙන්ම වාහනවලටද හානි සිදුවී ඇති බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් ලබාදෙන ලෙස අගමැතිවරයාට යොමු කළ ලිපියෙන් ඉල්ලා සිටි බවද සඳහන් කරනවා.