Sunday, May 5, 2024

General line - 0115112241

මල්වත්ත පාරේ පදික වෙළඳුන් ඉවත් කිරීමට ඉඩ නොදෙන ඇමති

හර්ෂිකා සංජීවනී




පිටකොටුව මල්වත්ත මාර්ගයේ පදික වෙළඳුන් ඉවත් කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.

පදික වෙළඳුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පිටකොටුව මල්වත්ත මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එහි පදික වෙළඳුන්ට ඉවත් වන ලෙසට කොළඹ නාගරික කොමසාරිස්වරයා ලිපියක් මගින් දැනුම් දී තිබුණා.

ඒ පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා මේ බව කියා සිටියා.