ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලය වටලන බව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා. ඒ තීරු බදු රහිත වාහන මිලදී ගැනීමේ බලපත්‍ර ඉදිරි සති දෙක තුළදී ලබා නොදීම සිදුවුවහොත් එසේ සිදුකිරීමට සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් පවනසන්නේ.
අයදුම්පත් ඉදිරිපත් කර මේ වනවිට මාස තුනක් ගතව ඇතත් එම වාහන බලපත්‍රය ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර නැති බවත් එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවා.
ප්‍රාදේශීය ලේකම්වරුන් බහුතරයක් මේ සඳහා අයදුම් කර ඇති බවයි වාර්තා වන්නේ.