Monday, January 6, 2025

General line - 0115112241

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩ වැරුමක

ජූඩ් සමන්ත - පුත්තලම




ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම ශාඛාව සදහන් කරනවා.

එම ශාඛාවේ ලේකම් නීල් ජයසිංහ විසින් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයි වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැණුම් දී තිබෙනවා.

අනුමත සේවක සංඛ්‍යාව ලේඛණයේ නොමැති සහ පුරප්පාඩු නොමැති ස්ථාන වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ස්ථාන ගත කිරීම නිසා ගැටළු මතුවීම. වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වන ආකාරයට නව පත්වීම් ලබා පැමිණෙන සහ අන්තර් පළාත් ස්ථාන මාරුවීම් ලබා පැමිනෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ස්ථාන ගත කිරීමේදී අනවශ්‍ය ලෙස දිහත්කරුවෙකු ලෙස පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂවරයි කටයුතු කිරීම, නවක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පත් වීම් ලබා දීමේදී පත්වීම් ලිපියක අන්තර් ගත විය යුතු සහ නීති රාමුව තුළ නොමැති කරුණු ඇතුළත් කරමින් එම පත්වීම් ලිපි අව භාවිතා කිරීම සහ නව පත්වීම් සිදු කිරිමේදී කුසලතා අනුපිළිවෙල නොසලකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ස්ථාන ගත කිරීමට 
වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කටයුතු කරන බවට එම ලිපියෙන් චෝදනා කරනවා.

මෙවැනි ගැටළු සාකච්ඡා මට්ටමින් අවම කර ගත හැකි වන බැවින් ඒ සදහා 
අවස්ථාවක් කඩිනමින් ලබා දීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක්රිවයා 
මාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත බවද එම ලිපියේ වැඩිදුරටත් 
සදහන් වේග