ගාල්ල මකුළුව ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ප‍්‍රදේශයේ පැවති සාදයක් අතරතුර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ මකුළුව ප‍්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙක්. ඝාතනය සිදු කළ සැකකරු ප‍්‍රදේශය හැර පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.