හිටපු නිතිපති හා අගවිනිසුරු මොහාන් පිරිස් හා හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හා වර්තමාන අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නාවස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබු නඩුව ලබන ජුනි 14 දක්වා කල් තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (08) නියෝග කලා.
මෙම නඩුව අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කැදවු අවස්ථාවේ දී මෙම නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇති බව අල්ලස් කොමිෂන් සභාව අධිකරනයට දන්වනු ලැබුවා.
මොහාන් පිරිස් මහතා නිතිපතිවරයා ලෙසට කටයුතු කළ කාලයේ ලෙකෝ සමාගමේ ඉඩම් හා දේපල මිලදී ගැනීමේ දී සිදුවු බව කියන දුෂණ හා අක්රමිකතාවලට වගකිව යුතු නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිම වැළැක්වීම සඳහා අයුතු සහගත ලෙස නිතිපති වාර්තාවක් ලබාදීම යන චෝදනාව යටතේ මෙසේ නඩු පවරන ලදි .
අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නාවස් මහතා එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලෙසට කටයුතු කර ඇත .