Saturday, December 28, 2024

General line - 0115112241

මහනුවර නොසන්සුන් කළ ප්‍රධාන සැකකරු අැතුළු 81ක් අත්අඩංගුවට

සජිත් තිලකරත්න




මහනුවර නොසන්සුන්තාවට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන අමිත් වීරසිංහ ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දිගන හා පූජාපිටිය යන ප‍්‍රදේශවලදීයි.

ඉකුත් 4 වනදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් අසූඑක් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අද පස්වරු හයේ සිට හෙට (09) උදෑසන හය දක්වා මහනුවර පරිපාලන දිස්ති‍්‍රක්කයට යළි ඇදිරි නීතිය පනවන බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.