Saturday, December 28, 2024

General line - 0115112241

බදුල්ලේ ආරක්ෂාවට සිවිල් ජනතාවත් එක් වෙයි

පාලිත ආරියවංශ - බදුල්ල




බදුල්ල නගරයේ ආරක්ෂාව සදහා බදුල්ල නගරයේ සැරිසරණ සැකකටයුතු පුද්ගලයන් හදුනාගැනීම සදහා ව්‍යාපාරිකයින්ගේ හා සිවිල් සංවිධානවල සහාය ලබාගැනීමට පියවරගන්නා බවත් ආරක්ෂාව සදහා පොලිසිය නිල ඇදුමින් හා සිවිල් ඇදුමින් සැරසී රාජකාරි කරන අතර යුද හමුදව සීරුවෙන් තබා ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි බදුල්ල කැපිටල් සිටි හෝටලයේදි අද (08) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා .

පිටස්තරයන් පිරිසක් එහි  සැරිසරන බවට තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම පවසනවා.

බදුල්ල නගරයේ සිංහල , දෙමල, මුස්ලිම් ව්‍යාපාරිකයින් සියලු දෙනා එකමුතුව සහ ජීවනයෙන් කටයුතු කරන අතර මෙම ආරක්ෂාව වැඩ පිළිවෙලට නොමද සහාය දක්වන බව වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ නිලධාරින්ද මෙහිදි පැවසුවා. කිසියම් සිද්ධියක වුවහොත් සාර්ථකව එය පාලනය කිරිමට පියවරගන්නා ආකාරය පිළිබදව එහිදී සාකච්ඡා කෙරුණා. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මුතියංගන විහාරවාසී පොලොමේමාරුවේ වාචිස්සර හිමි , රංජිත් පෙරේරා පියතුමා , රිනාස් මවුලවි තුමා හා බාල ක්රිිෂ්ණන් කුරුක්කල් තුමාද මෙම සාකච්ඡාවට සහභාගී විය.