දකුණු අපි‍්‍රකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ පිළිරුවක් යාපනය නගරයේ ඉදිකිරීමට අද (08) තීරණය කෙරුණා. ඒ, දකුණු අපි‍්‍රකානු මහකොමසාරිස් රොබීනා පී. මාක්ස් සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
නෙල්සන් මැන්ඩෙලා යනු සාමයේ සංකේතයක් බවත් ඔහුගේ පිළිරුවක් යාපනය නගරයේ ස්ථාපිත කිරීමට යෝජනා කිරීම පිළිබදව දකුණු අපි‍්‍රකානු මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත මෙහිදී ස්තුතියද පළ කළා. මෙම සාකච්ඡාවේදී උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් සහ ආගමික වැඩසටහන් පිළිබදවද අවධානය යොමුවූ බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසුවේ.