මහනුවර නොසන්සුන්තාවයේදී අත්බෝම්බයක් පිපිරීම හේතුවෙන් මියගිය ගුණරත්න බණ්ඩාගේ අවසන් කටයුතු පූජාපිටිය ප්‍රදේශයේදී අද (09) සිදු කෙරෙනවා. 29 හැවිරිදි එක්දරු පියෙකු වන ඔහු රැකියාව ලෙස පෙදරේරුවෙකු ලෙස කටයුතු කළා.
මෙම පුද්ගලයා සිටි ස්ථානයට මීටර් 8 ක් දුරින් අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවයි සිදු කෙරුණු පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
අත්බෝම්බය පිපිරීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ මහනුවර මහ රෝහලේයි. ඉන් බරපතල තත්ත්වයේ පසුවන අයෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.