Sunday, May 19, 2024

General line - 0115112241

කිරිඇල්ලට නීතිය සාමය ඇමතිකම දෙනවාට මම විරුද්ධ උනේ නෑ- කබීර් හෂිමි




නීතිය හා සාමය අමාත්‍ය ධූරයට ලක්ෂ්මන් කිරිඇල්ල පත් කිරීමට තමන් විරුද්ධ වූ බවට පලකරන වාර්තා කරයේ ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකමි කබීර් හෂිමි පවසනවා.

මෙහිදී වැඩිදුරටත් එක්සත් ජාතික පක්ෂ මහලේකමිවරයා කියා සිටියේ තමන් මෙන්ම පක්ෂයේ බහුතරයක මතය වුයේ එම ඇමතිධුරය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට හිමිවිිය යුතු බවත් රජයේ කොටස්කරුවෙකු ලෙස එමඅදහස සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුවද එම අමාත්‍ය ධූරය එක්සත් ජාතික පක්ෂයේ පළපුරුදු හා පරිනත නායකයෙකු වන රංජිත් මද්දුමබණ්ඩාරට හිමිවීම පිළිබඳව සතුටු වන බවයි.