නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පවත්වාගෙන ගිය ශී‍්‍ර සිද්ධාර්ථ දහම් පාසල ඉවත් කිරීමට තීරණය කර ඇතැයි පළවී තිබූ වාර්තාවල සත්‍යතාවක් නොමැති බව එම විද්‍යාලයේ විදුහල්පතිනී ජයනි ප්‍රසංගිකා පවසනවා.
කෙසේවෙතත් දහම් පාසල පවත්වාගෙන යාම පිළිබඳ ගැටළු පවතින බවයි ඇය කියා සිටියේ. පාසලේ ආදිශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන කමිටුව ඊට විරෝධය පළ කළ බවද ප්‍රකාශ කෙරුණා. හේතුව ලෙස සඳහන් කෙරුණේ කිසිඳු ස්වාමීන් වහන්සේ නමකගේ මැදිහත්වීමක් ඊට නොමැති වීමයි.
එමෙන්ම පාසලේ ගොඩනැගිලි භාවිත කර දහම් පාසලක් පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියක් ලබා ගෙන නොමැති බවද ප්‍රකාශ කෙරුණා. මේ සියලූ කරුණු පදනම් කර ගනිමින් තමන් ජාතික පාසල් අධ්‍යක්ෂවරයාටත්, ප්‍රාදේශිය ලේකම්වරියටත් ලිඛිතව දැන්වූ බව විදුහල්පතිනිය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් වසර 25ක කාලයක සිට මෙම විද්‍යාලයේ පවත්වාගෙන ආ මෙම දහම් පාසල ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවයි ශී‍්‍ර සිද්ධාර්ථ දහම් පාසලේ අනුශාසක ආනන්ද ගමගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මෙතරම් කලක් පවත්වාගෙන ආ දහම් පාසල සම්බන්ධයෙන් හදිසියේ පියවර ගත්තේ මන්දැයි නෙත් නිවුස් විදුහල්පතිනියගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ පාසලේ නම භාවිත කර දහම් පාසලේ විදුහල්පතිවරයා මුදල් එක් රැස් කිරීමේ සිද්ධියක් හා දහම් පාසලේ විනය ගැටලු ඊට බලපෑ බවයි.
ඒ පිළිබඳ ලිඛිතව දැනුම් දීමෙන් පසු සති දෙකක් තුළ දහම් පාසල පවත්වාගෙන යාමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගත් අනුමත ලිපිය ඉදිරිපත් කරන ලෙස දහම් පාසලේ විදුහල්පතිවරයාට දන්වා ඇති බවද ප්‍රකාශ කෙරුණා. එසේ නොමැතිව දහම් පාසල වසා දැමීමක් මෙතෙක් සිදුව නොමැති බවයි නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රසංගිකා වැඩිදුරටත් පැවසුවේ.
---------------------------------
අනුලා විදුහලේ දහම් පාසැල හදිසියේ වසා දමයි
(11-03-2018 13:13)
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පවත්වාගෙන ගිය ශ්‍රි සිද්ධාර්ථ දහම් පාසල ඉවත් කිරිමට විදුහල්පතිනිය ගත් තීරණය හේතුවෙන් අද (11) එහි පැම්ණි දහම් පාසැල් දරු දැරියන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා.
වසර 25ක කාලයක සිට මෙම විද්‍යාලයේ පවත්වාගෙන ආ මෙම දහම් පාසල ඉවත් කිරිම අනුමත කළ නොහැකි බවයි ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ අනුශාසක ආනන්ද ගමගේ කියා සිටියා.
මේ සම්බන්ධයෙන් nethnews.lk අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. එහිදි ඔහු සඳහන් කර සිටියේ දහම් පාසැල පවත්වාගෙන යෑම සහ එය හදිසියේ නතර කිරිම සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කරන ලෙස නිළධාරින්ට උපදෙස් ලබාදුන් බවයි.