ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ශී‍්‍ර ලංකාව තුළ පාලනය කළ හැකිදැයි සොයා බැලිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු කියා සිටියේ ලොව දියුණු රටවල ෆේස්බුක් තහනම් කිරීමේ ප‍්‍රවණතාවක් ඇති බවයි.
අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේ පුත්තලම ප‍්‍රදේශයේ උත්සවයකට එක්වෙමින්. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ෆේස්බුක් තහනම් කරනවාට වඩා පාලනය කිරිම වැදගත් බවයි. ඒ සඳහා ජනතා මතයද විමසා බැලිය යුතු බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ.
ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය මේවන විට චීනය, උතුරු කොරියාව, එර්ත්‍රීයාව, ඉරානය, වියට්නාමය වැනි රටවල් විසින් තහනම් කර තිබෙනවා. ලොව ඇතම් රටවල් විසින් ෆේස්බුක් වෙබ් අඩවිය මුළුමනින්ම පාලනය කර නැතත් සිය රටවල බුද්ධි අංශ සමග එක්වී එම ගිණුම පරික්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.