සිගිරියේ ඉතිහාසය පිළිබද වැදගත් සාධක රැසක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. ඒ, සීගිරි පර්වතය කේන්ද්‍ර කර ගනිමින් එහි වටා දිවෙන දිය අගල ආශි‍්‍රතව සිදුකළ පුරාවිද්‍යා කැණීමකදීයි.
මෙම කැණීම සිදුකළේ දිය අගලේ ජ්‍යාමිතක ස්වභාවය සංචාරකයින්ට දැකගත හැකිවන අයුරින්. එහිදී සොයාගත් සාධක පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන කියා සිටියේ මෙම දිය අගලේ සිදුකළ කැණීම්වල දී සිංහ රුවක් හමුවී ඇති බවයි.
එම සිංහ රුව නිරික්ෂණය කිරිමේ දී දැනට සීගිරියේ පිහිටි සිංහ පාදවලට ඉහළ කොටසේ නිර්මාණය වී තිබු, සිංහ රුව කුමන ආකාරයෙන් ඉදිකර තිබුණේ ද යන්න පිළිබඳව අවබෝධය කර ගත හැකි බවයි.
එමෙන්ම එහි වාස්තු විද්‍යාව හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ද තමන්ට යම් නිගමනයකට පැමිණිය හැකි බවද ඔහු කියා සිටියා.
දැනට පවතින සිංහ පාදවලට ඉහළින් වූ සිංහ රුව කිසියම් දැව මිශ්‍ර සහිත මැටි මිශ්‍රණයකින් ගොඩනැගා තිබු බවට ද විශ්වාසය කළ හැකි බවද ඔහු කියා සිටියා.