Tuesday, December 24, 2024

General line - 0115112241

කලක් නිහඬව සිටි එන්.පිල්ලෙයි මහනුවර සිද්ධිය ගැන කියමින් යළිත් කරළියට එයි

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකා රජයේ වත්මන් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙතෙක් පැවති විශ්වාසය අවම වී ඇති බව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ හිටපු කොමසාරිස් නවනීදන් පිල්ලෙයි පවසනවා.

ඇය පවසන්නේ ශ්‍රී ලංකවේ සංහිඳියාව වෙනුවෙන් කැපවී කටයුතු කළ වත්මන් යහපාලන ආණ්ඩුව මේවන විට මෙතෙක් පැමිණි මාර්ගයෙන් ඉවත් වී වෙනත් සිදාවක් කරා ගමන් කරන බවයි.

 

ඒ සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම වත්මන් ආණ්ඩුවට අප්‍රසාදය පල කරන බවද විදෙස් මාධ්‍යයක් වෙත අදහස දක්වමින් හිටපු මානව හිමිකම් කොමසාරිස්වරිය කියා සිටියා.

 

එමෙන්ම පසුගියදා මහනුවර සහ අම්පාර ප්‍රදේශයන් හි ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා හුදෙක් ආගම්වාදය ලෙස තමා නොදුටු බව පෙන්වා දුන් ඇය වැඩිදුරටත් කියා සිටියේ විනාශකාරි යුද මානසීකත්වයෙන් සිදුකළ ම්ලෙච්ඡ ක්‍රියාවක් බවයි.

 

මහනුවර සහ අම්පාර ප්‍රදේශයන් හි ඇති වූ ප්‍රචණ්ඩක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු අතර ඔවුන් වෙත නිසි දඬුවම් ලබාදිය යුතු බවයි හිටපු මානව හිමිකම් කොමසාරිස්වරිය ලක් රජයට අවධිරණය කර ඇත්තේ.

 

එසේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේ දී මෙවැනි සිද්ධියක දී ඕනෑම පාර්ශ්වයක් නීතිය සියතට ගැනීමේ ප්‍රවණතාවක් ඇති බවද ඇය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

 

බලයට පත්වීමෙන් පසු යහපාලන ආණ්ඩුව ජගත් මානව හිමිකම් කවුසිලයට ලබාදුන් පොරෝන්දු අනුව කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස තැබු බවද ඇය සඳහන් කළා. නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හමුවේ එම විශ්වාසය බිඳ වැටී ඇති බවයි ජගත් මානව හිමිකම් කවුන්සලයේ හිටපු කොමසාරිස් නවනීදන් පිල්ලෙයි කියා සිටියේ.