ආණ්ඩුව ශක්තිමත් නොවීම හේතුවෙන් රටේ පවතින කිසිඳු ගැටළුවකට විසඳුම් ලබා දීමට නොහැකි වී ඇති බව ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.
එහි සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ විනයක් නොමැතිව රටෙහි විනයක් ඇති විය හැකි බවට අපේක්ෂා කළ නොහැකි බවයි.
රජය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බැවින් සල ප්‍රශ්නයකට හෝ විසඳුමක් සෙවිය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි ඔහු කියා සිටියේ.
එය ඉතාමත් සෝචනීය තත්ත්වයක් බවද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කළා.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්..