Tuesday, December 24, 2024

General line - 0115112241

මන්ත්‍රී දිනේෂ්ගෙන් විශේෂ පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘‘අධිකරණ සංවිධානය’’ පනත් කෙටුම්පතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කළා.

එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

එබැවින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින්  හා ජනමත විචාරණයකින් සම්මත කරන ලෙස නියෝග කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. 

අධිකරණ සංවිධානය පනත් කෙටුම්පතෙන් විධායකයට අත්තනෝමතික බලයක් ලැබෙන බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, අල්ලස් කොමිසමට හා නීතිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ බලතලද ඒ තුළින් හිමිවන බව අදාළ පෙත්සමේ සඳහන්.  නීතිපතිවරයා එහි වගඋත්තරකරු ලෙස නම් කර තිබෙනවා.