Thursday, May 16, 2024

General line - 0115112241

පොළොන්නරුවේ පාසලක් ගැන දෙමාපිය පැමිණිල්ලක්

චම්ලි ඒකනායක/ රොෂාන් තුෂාර - පොළොන්නරුව




පොලොන්නරුව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් අත්තනකඩවල රදෙවිගේඔය කනිෂ්ට විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන ගොඩනැගිල්ලේ වහළය අබලන්වීම හේතුවෙන් දරුවන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල 1975 ඉදිකොට ඇති එය මේ වන එහි වහලය අබලන් තත්වයට පත්ව ඇති බව එම විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ දෙමාපියන් පවසනවා. මේ අනුව වැසි සහිත කාලයකදී එහි අධ්‍යන කටයුතු සිදු කිරීම ඉතා අනතුරු දායක බව ඔවුන් පෙන්වා දෙන අතර අධ්‍යාපන බලධාරීන් කීප වරක්ම දැනුවත් කළ බවයි ඔවුන් පවසන්නේ. කෙසේ නමුත් මෙතෙක් විසදුමක් නොලැබුණු බවත්, විද්‍යාලයේ ගුරු නිල නිවාස තුනක්ද ඇති අතර එම ගුරු නිවසද මේ වන විට අබලන් වීම හේතුවෙන් පිට පළාත් වලින් පැමිණෙන ගුරුවරුන්ට කුලී ගෙවා නැවතීම සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ කලාප කාර්යාලයෙන් අප කළ විමසීමකදි, එහි ප්‍රකාශකයකු පැවසුවේ. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉිදිරියේදී එම අඩුපාඩු සැකසීමට සැලසුම්කර ඇති බවය.