ති‍්‍රරෝද රථ අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ති‍්‍රරෝද රථ ගාස්තු ද ඉදිරියේදී ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලංකා ස්වංය රැකියා වෘත්තිකයන්ගේ ජාතික ති‍්‍රරෝද රථ සංගමය පවසනවා.
එහි සභාපති සුනිල් ජයවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ සිය වෘත්තිකයන් මුහුණපා සිටින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද ඊට මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි.
සිය ගැටලූවලට කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් මීටර් ඉවත් කර තී‍්‍රරෝද රථ ධාවනය කිරීමට සිදුවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.