Sunday, December 22, 2024

General line - 0115112241

ඊයේ රෑ දිවයිනට පැමිණි ජනපති මුලින්ම කළ දේ

හේමන්ත කහවලගේ




මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමග ඉකුත් 06 වැනිදා පැන වූ හදිසි නීතිය යළි අවලංගු කර තිබෙනවා. 

ඒ, රටේ ආරක්ෂක තත්ත්වය යහපත්වීම හේතුවෙන්.

හදිසි අවස්ථා රෙගුලාසි යළි අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්සන් තැබූ බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු කියාසිටියේ.

හදිසි නීති රෙගුලාසි අවලංගු කිරීම සඳහා වන ගැසට් නිවේදනයට අදාළ සියලූ කටයුතු ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු විසින් සූදානම් කර තිබුණා.

ජපාන නිල සංචාරය නිමවා ඊයේ (17) රාති‍්‍රයේ දිවයිනට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනයට අත්සන් තැබුවා. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිය ජපාන සංචාරය නිමා කරමින් ඊයේ (17) දින රාත්‍රී 11.30 ට පමණ හොංකොං සිට පැමිණි කැතේ ෆැසිපික් ගුවන් සේවයේ C.X. - 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.