මහනුවර ඇති වූ නොසන්සුන්තාවයේදී හානියට පත් නිවාස සහ ව්යාපාරික ස්ථාන සඳහා මූලික ගෙවීම් කටයුතු හෙට (19) සිට ආරම්භ කෙරෙනවා.
මහනුවර දිස්ත්රික් ලේකම් එච්. එම්. පී. හිටිසේකර නෙත් නිවුස් වෙත කියා සිටියේ ඉකුත් සිකුරාදා තක්සේරු කිරීම් අවසන් කළ බවයි.
පුනරුත්ථාපන අමාත්යංශය විසින් මූලික ගෙවීම් සිදු කරනවා. ඒ අනුව, රුපියල් 50,000 සිට ලක්ෂය දක්වා මූලික ගෙවිම් සිදු කරනු ඇති. මෙම නොසන්සුන්තාවයේදී නිවාස 470කට හානි සිදු වූ අතර ව්යාපාරික ස්ථාන 24කට ද අලාභහානි සිදුවුණා.