Sunday, December 22, 2024

General line - 0115112241

දුම්රිය ගාස්තු වැඩි කළ යුතු අගය තවත් වැඩි වෙයි

නිශාන් ද සිල්වා




දුම්රිය ගාස්තු සියයට 25 ත් 30 ත් අතර අගයකින් වැඩි කළ යුතු බව දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය පවසනවා. ඒ සඳහා ප‍්‍රවාහන අමාත්‍යාංශයෙන් මෙන්ම අදාළ ආයතනවලින් ඉල්ලීමක් කරන බවයි එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

2008 වර්ෂයේ සියයට විස්සකින් දුම්රිය ගාස්තු වැඩි කිරීමෙන් පසු මෙතෙක් එහි මිළ වැඩිවීමක් සිදුකර නැහැ. 2018 අයවැය යෝජනා අනුව රජයේ සේවා ගාස්තු වැඩි කිරීමට අදාළව දුම්රිය ගාස්තු ඉහළ දැමීමට අදාළ නිර්දේශ ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය ප‍්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව මුලින් තීරණය කර ඇත්තේ.

පසුව සියයට 25 හෝ 30 ක අගයකින් දුම්රිය ගාස්තු වැඩි කිරීමට අදාළ ඉල්ලීම ලිඛිතව සිදු කිරීමටයි දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය තීරණය කර ඇත්තේ.