අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට නොහැකි වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් හෙට (19) දිනයේදී ඊට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර සිසිර ජයකොඩි කියාසිටියේ මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ සාකච්ඡා කිහිපයක්ද හෙට සහ අනිද්දා (20) පැවැත්වෙන බවයි.
ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙකුද මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට නියමිත බවයි සිසිර ජයකොඩි මන්තී‍්‍රවරයා කියාසිටියේ. එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුද ඊට අත්සන් තැබීමට සූදානමින් සිටින බවත් ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමට නොහැකි බවද මන්තී‍්‍රවරයා සඳහන් කළා.
කෙසේවෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු මෙතෙක් සහය දක්වා නොමැති බවයි අමාත්‍ය පි. හැරිසන් කියාසිටියේ.